ගීතා කුමාරසිංහගේ මන්ත්‍රීධූරය ගැන තීරණය අදයි..
මෙරට සහ ස්‌විස්‌ටර්ලන්තය යන දෙරටේම පුරවැසිභාවය හිමි බැවින් එක්‌සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය දැරීමේ අයිතියක් නොමැති බව පවසමින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම සම්බන්ධ තීන්දුව අද (03) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත. අදාළ පෙත්සම ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ පදිංචි පුද්ගලයින් සිව්දෙනෙකු විසින් 2015 මාර්තු මසදී ගොනු කරන ලද අතර පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ, ආගමන විගමන පාලක, සන්ධානයේ මහ ලේකම් සහ පාර්ලිමේන්තු මහලේකම් යන පාර්ශව හතර එම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වෙති.