ගීතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දරන්න බෑ, අධිකරණය තීන්දු කරයි..
ද්විත්ව පුරවැසිභාවයක් ලබා තිබීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට නුසුදුසු බව අභියාචනාධිකරණය තීන්දු කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියට ශ්‍රී ලංකාවේ සහ ස්විස්ටර්ලන්තයේ ද්විත්ව පුරවැසිභාවය හිමිවීම නිසා මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඇයට සිය මන්ත්‍රී ධූරය දැරීමට නොහැකි බවට ගොනු කරන ලද පෙත්සම විභාගයට ගත් අභියාචනාධිකරණය විසින් අද (03) මෙම තීන්දුව ලබා දී ඇත.