සත්‍යයේ පුවත් අඩහැරය….

පණ අදින පාරිභෝගික අධිකාරිය බේරා ගන්න, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනපතිගෙන් ඉල්ලයි..

මෙරට තුළ දෙකෝටියක් පමණ වන පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා ඇති එකම ආයතනය වන පාරිභෝගික අධිකාරිය මේ වන විට පණ අදින තත්ත්වයකට පත්ව ඇති බැවින් එය රැක ගැනීම සදහා මැදිහත් වන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියි. එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද නිවේදනයක මේ බව සදහන් වන අතර පාරිභෝගික අධිකාරිය සදහා මාස 06 කට පෙර පත්කරන ලද වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරයා නියමිත පරිදි පාරිභෝගික අධිකාරිය වෙත නොපැමිණෙන බවත් නිසි පරිදි පාරිභෝගික පැමිණිලි විභාග කිරීම නිසි පරිදි සිදු නොවන බවත් මෙම නිවේදනය තුළ වැඩිදුරටත් සදහන්ය. සුදුසුකම් නොමැති පුද්ගලයින් රැසක් මේ වන විට පාරිභෝගික අධිකාරිය තුළ සේවය කරන බවත් අති විශාල මුදලක් ගෙවමින් අධිකාරියේ නීති අංශය පිටත්තර නීතිඥ සමාගමක් වෙත පවරා ඇති බවත් මෙම නිවේදනය තුළ වැඩිදුරටත් දැක්වේ.

පසුගිය මැයි දිනයේදී මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණය පිරිසිදු කළාක් මෙන් පාරිභෝගික අධිකාරියද පිරිසිදු කිරීමට කටයුතු කරන ලෙසත් ඒ සදහා විද්වත් කමිටුවක් පත්කරන ලෙස, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මෙම නිවේදනය තුළින් ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට