සත්‍යයේ පුවත් අඩහැරය….

සහජීවනය හා සංහිදියාව ගැන නිතර කථා කළත් මේ වන විට බෞද්ධයා දැඩි පීඩාවකට පත්වෙලා – සිංහලේ ජාතික සංවිධානය

සහජීවනය හා සංහිදියාව ගැන නිතර අදහස් පළ වුවද මේ වන විට මෙරට සිංහල බෞද්ධ ජනතාව දැඩි ගැටළුකාරී තත්ත්වයන් රැසකට මුහුණ දී සිටින බව සිංහලේ ජාතික සංවිධානය අවධාරණය කර සිටියි. අද (09) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු විශ්‍රාමික රණවිරු, මේජර් අජිත් ප්‍රසන්න මහතා විසිනි.

උතුරු නැගෙනහිර පළාත් තුළ හර්තාල් දියත් කරන සහ දමිළ ඊළාම් සිතියම යොදා ගනිමින් සිය නිවාස සරසන දමිළ ජාතිකයින් සම්බන්ධයෙන් මෙන්ම ශරියා නීතිය උගන්වන විශ්ව විද්‍යාල සහ අදාළ නීති ක්‍රියාක්මක කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි අජිත් ප්‍රසන්න මහතා මෙහිදී විමසා සිටින ලදී. අම්පාර මානික්කමඩු විහාරස්ථානය මේ වන විට මුස්ලිම් ජාතිකයින් විසින් අත්පත් කරගෙන අැති බවත් ඒ අාකාරයට බෞද්ධ සිද්ධස්ථානයක් මුස්ලිම් අාගමකයින් විසින් අත්පත් කර ගෙන අැත්තේ කෙලෙසකදැයි විමසා සිටින බවද අජිත් ප්‍රසන්න මහතා මෙහිදී පවසා සිටින ලදී. අජිත් ප්‍රසන්න මහතා වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රී පාදස්ථානය වෙත බුදු පිළිමයක් වැඩම කරවීමට බෞද්ධ සංවිධාන කිහිපයක් විසින් දරණ ලද උත්සාහය, අධිකරණය නොමග යවා පොලිසිය විසින් ලබා ගත් තහනම් නියෝග නිසා ව්‍යර්ථ වූ බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වෙමින් සිංහලේ ජාතික සංවිධානයේ සභාපති සාලිය ටී. රණවක මහතා පවසා සිටියේ ශ්‍රී පාදස්ථනය අාසන්නයේ ඉදිවෙමින් පවතින හෝටලය සදහා අනියම් ලෙස අවස්ථාව ලබා දීමට ශ්‍රී පාදස්ථාන භාරකාර බෙංගමුවේ ධම්මදින්න හිමි කටයුතු කරමින් සිටින්නේදැයි සැක මතුව අැති බවයි. දිනෙන් දිනම කප්පාදු වන බෞද්ධයාගේ අයිතිවාසිකම් සුරැකීම සදහා ඉදිරියේදී දැවැන්ත අරගල සිදුකිරීමට පසුබට නොවන බවද සාලිය ටී. රණවක මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට