සත්‍යයේ පුවත් අඩහැරය….

​සම්බුදු තෙමගුල සමරමු බැති සිතින්…

සිදුහත් කුමරුගේ උපත ,සියලු කෙළෙසුන් නසා බුද්ධත්වයට පත්වීම සහ සම්බුද්ධ පරිනිර්වාණය සිහිපත් කෙරෙන උතුම් වෙසක් පුර පසොලොස්වක පොහොය දිනය අද (10) යි.ඒ වෙනුවෙන් ලෝකවාසි බෞද්ධ ජනතාව අද දින බැති සිතින් පෙළ ගැසෙමින් සිටිති.මීට අමතරව ශ්‍රි ලාංකික බෞද්ධ ජනතාවට අද දිනය ශාසනික වැදගත්කමින් ද යුතු වේ.බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අට වසරකට පසු කැළණියට වැඩම කරවීම සහ සුමන සමන් දෙවියන්ගේ ආරාධනය පරිදි සමනල කදු මුදුනේ සිරිපතුල පිහිටුවීම ද සිදු වූයේ අද වන් දිනයක වීම එම විශේෂත්වයයි.ශ්‍රී බුද්ධ වර්ෂ 2561 වන සම්බුදු තෙමගුල සැමරීම ලොව පුරා සියලු බෞද්ධ බැතිමතුන් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සිදු කරනු ලබයි.මීට අමතරව 2561 වන සම්බුදු තෙමගුල සැමරීම සදහා වු එක්සත් ජාතින්ගේ 14 වන ජාත්‍යන්තර වෙසක් උළෙල පැවැත්වෙන්නේ ද මෙරට වීම ශ්‍රි ලාංකික බෞද්ධ ජනතාව ලැබු භාග්‍යයක් ලෙස සැලකිය හැකියි.සම්බුදු තෙමගුල වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරු විසින් ද පණිවඩ නිකුත් කිරීමට කටයුතු කර ඇත.ශ්‍රි සම්බුදු තෙමගුල බෞද්ධ වත් පිළිවෙත්වලට මුල්තැන දෙමින් සැදැහැ සිතින් සැමරිමට කටයුතු කිරීමට සියළු දෙනා එක්වෙමු.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට