සත්‍යයේ පුවත් අඩහැරය….

වෙසක් පොහොය නිමිත්තෙන් 10 සහ 11 දෙදින සුරසැල් වැසේ…

වෙසක් පොහොය යෙදී ඇති මැයි මස 10 සහ 11 දෙදින දිවයින පුරා සියලුම සුරාසැල් වසා තැබීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.අදාළ දෙදින තුළ සියලු සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ සමාජ ශාලා වසා තැබීමටත්, මස් මාංශ අලෙවි කිරීම නැවැත්වීමටත් කටයුතු කළ යුතු බව එම අමාත්‍යංශය වැඩි දුරටත් සදහන් කර ඇත.ඉහත සඳහන් දින දෙකට අමතරව එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික වෙසක් උත්සවය පැවැත්වෙන 12 වන දින කොළඹ දිස්ත්‍රීක්කයේත්, එම උත්සවයේ සමාප්ති උළෙල පැවැත්වෙන 14 වන දින මහනුවර දිස්ත්‍රීක්කයේත් සියලුම සුරාසැල් වසා තබන ලෙස එම අමාත්‍යාංශය දැනුම් දී ඇත.ඒ පිළිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් එම අමාත්‍යංශය දැනුම් දි ඇත්තේ අදාළ දිස්ත්‍රික්ක තුළ අදාළ දිනවල සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ සමාජ ශාලා වසා තැබීමටත්, මස් මාංශ අලෙවි කිරීම නැවැත්වීමටත් අවශ්‍ය කටයුතු කරන ලෙස සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දැනුම් දී ඇති බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට