සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්දීය අගමැතිවරයා හෙට දිවයිනට…

ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන එක්‌සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක්‌ උත්සවයට සහභාගී වීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හෙට (11) සවස දිවයිනට පැමිණීමට නියමිතව ඇත. මෙරටට පැමිණි පසු ඉන්දීය අගමැතිවරයා  එදිනම පස්‌වරුවේ කොල්ලුපිටිය ගංගාරාම විහාරස්‌ථානයේ පැවැත්වෙන ආගමික වැඩසටහනකට සහභාගී වන අතර එදින රාත්‍රියේම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමටද නියමිතය. ඉන්පසු අනිද්දා (12 දා) බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක්‌ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඉන්දීය අගමැතිවරයා එදිනම  මහනුවරට ගොස්‌ ශ්‍රී ධන්ත දළදා සමිඳුන් වැඳපුදා ගැනීමට සහ මල්වතු අස්‌ගිරි මහානායක හිමිවරුන් බැහැදැකීමට නියමිතය.එලඹෙන 12 සහ 14 දිනයන්හි දී පැවැත්වන ජාත්‍යන්තර වෙසක්‌ උත්සවයට සහභාගී වීමට අමතරව කිසිදු දේශපාලනික හෝ ආර්ථික අරමුණක්‌ ඉටු කර ගැනීමට ඉන්දීය අගමැතිවරයා මෙම සංචාරයේදී ක්‍රියා නොකරන බව මෙරට ඉන්දීය මහ කොමසාරිස්‌වරයා විසින් අවධාරණය කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට