සත්‍යයේ පුවත් අඩහැරය….

යහපාලන ආණ්‌ඩුව මොනම හේතුවක්‌ යටතේවත් විදුලි බිල වැඩි කිරීමට කටයුතු කරන්නේ නෑ – නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා

වත්මන් ආණ්‌ඩුව යටතේ මොනම හේතුවක්‌ මත විදුලි බිල වැඩි කිරීමට කටයුතු නොකරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා පවසයි. සූර්යබල සංග්‍රාමය ව්‍යාපෘතිය යටතේ රිවි අරුණ වැඩසටහන මඟින් කොළඹ ආනන්ද විද්‍යාලයේ අානන්ද විහාරය සූර්ය බලයෙන් බල ගැන්වීමේ අවස්‌ථාවට එක්‌ වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පවසා සිටින ලදී. ඉදිරි සතිය තුළ විදුලිබිල වැඩි වන බවට මාධ්‍ය මඟින් විශාල ප්‍රචාරයක්‌ ගෙනයන බවත් ඒ පිළිබ‍ඳව ජනතාව කිසි ලෙසකින් අනියත බියක්‌ ඇති කර ගත යුතු නොමැති බව ඇමතිවරයා පවසයි. යහපාලන ආණ්‌ඩුව මොනම හේතුවක්‌ යටතේවත් විදුලි බිල වැඩි කිරීමට කටයුතු නොකරන අතර විදුලි බිල වැඩි වනවා යන බියෙන් ජනතාව කලබලයට පත් වුණේ මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලි බල මණ්‌ඩලයට කළ යෝජනාවක්‌ නිසාවෙන් බවත් එය යෝජනාවක්‌ පමණක් වන අතර  රජය ඒ පිළිබඳව කිසිදු තීන්දුවක්‌ ගෙන නොමැති බවද ඇමතිවරයා පැවසීය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට