සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” රකින්න සෞඛ්‍ය අමාත්‍යවරයාට අැති උනන්දුව, ඩෙංගු මඩින්න නෑ – ‍රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය රැක ගැනීම සදහා වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තුළ පවතින උනන්දුව, රටේ වසංගත තත්ත්වයක් බවට පත්ව අැති ඩෙංගු රෝගය මැඩපැවැත්වීම සදහා නොමැති බව රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටියි. ඊයේ (12) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෙෙද්‍ය සමන්ත අානන්ද මහතා විසිනි. සිය අදහස් දක්වමින් වෙෙද්‍ය සමන්ත අානන්ද මහතා අවධාරණය කර සිටියේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය රැක ගැනීමට කාලය සහ මුදල් වැය කිරීම නවතා දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු උණ රෝගය මැඩපැවැත්වීම සදහා කටයුතු කරන ලෙස අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලා සිටින බවත් වෙෙද්‍ය සමන්ත අානන්ද මහතා වැඩිදුරටත් සිය අදහස් පළ කරමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෙෙද්‍ය හරිත අලුත්ගේ, සංස්කාරක වෙෙද්‍ය නලින් ද හේරත් සහ ලේකම් නවින් ද සොයිසා යන මහත්වරුන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට