සහල් මිල යළි ඉහළට..
පාලන මිලද ඉක්‌මවමින් යළිත් වෙළෙඳ පොළේ සහල් මිල ඉහළ යමින් තිබෙන බව වාර්තා වේ. නාඩු සහල් සඳහා වන පාලන මිල රුපියල් 80 ක පැවතියද මේ වන විට නාඩු සහල් කිලෝවක් රුපියල් 85 ත් 90 ත් අතර මිලකට අලෙවි වන අතර සම්බා සහල් සඳහා රුපියල් 90 ක පාලන මිල අභිබවමින් සම්බා සහල් කිලෝවක් රුපියල් 95 ත් 100 ත් අතර මිලකට අලෙවි වන බව වාර්තා වේ. සහල් නිෂ්පාදකයින් වෙළද සල් හිමිකරුවන් වෙත පාලන මිල ඉක්‌මවූ මිලකට සහල් ලබා දීම නිසා මෙම තත්ත්වය උදාවී අැති බව ව්‍යාපාරිකයින් අවධාරණය කර සිටියි.