හෙටට නියමිත කැබිනට් රැස්වීම නෑ, ලබන සතියට පෙර කැබිනට් සංශෝධනයක්..?
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දිවයිනේ රැදී නොසිටීම සහ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු කාර්ය බහුල වීම නිසා හෙට (16) පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් රැස්වීම නොපැවැත්වෙන බව වාර්තා වේ. ඉදිරි සතියක කාලය තුළ කැබිනට් සංශෝධනයක් සිදු වනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර සිටින අතර
නියමිත පරිදි කැබිනට් රැස්වීම ලබන සතියේ අගහරුවාදා (23) දින පැවැත්වෙනු අැත.