පෑලියගොඩ, මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණ පරිපාලන භාරය විසුරුවයි, පාරිපාලනයට විශ්‍රාමික හමුදා නිලධාරියෙක්..
දිගින් දිගටම පැවති ගැටළුකාරී තත්ත්වය මත පෑලියගොඩ, මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණ පරිපාලන භාරය විසුරුවා හැරීමට ධීවර අමාත්‍යාංශය තීරණය කර අැති බව වාර්තා වේ. අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් අනුව මෙම පියවර ගෙන අැති අතර අදාළ ගැටළුකාරී තත්ත්වය පසුගිය කාලය පුරාවට පරිපාලන භාරය තුළ මතුව තිබී අැත. ඒ අනුව විසුරුවා හරින ලද පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණයේ කළමනාකරණ සහ පාරිපාලනමය කටයුතු සඳහා විශ්‍රාමික හමුදා නිලධාරියෙකු පත් කිරීමට නියමිත අැති බවද වාර්තාවේ.