මිස්බා උල් හක් සහ යුනිස් ඛාන් ක්‍රිකට් පිටියට සමුදෙයි..
පකිස්තානු ක්‍රිකට් කණ්ඩාමේ විශිෂ්ට ක‍්‍රීඩකයින් දෙදෙනෙකු වන මිස්බා උල් හක් සහ යුනිස් ඛාන් ඊයේ (14) සිය ක‍්‍රිකට් දිවියට සමුදෙන ලදී. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඊයේ පැවති ටෙස්ට් තරගය මෙම ක්‍රීඩකයින් දෙදෙනාගේ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය වූ අතර මෙම තරගය ලකුණු 101 කින් ජයගැනීමට පාකිස්ථානයට හැකි විය. මෙම ටෙස්ට් තරගාවලිය ද 2-1 ක් ලෙස ජය ගැනීමට පාකිස්ථානයට හැකිවූ අතර පකිස්තාන කණ්ඩායමක් බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පළමු වතාවට ටෙස්ට් තරගාවලි ජයක් ලබා ගත් අවස්ථාව ලෙසද මෙය වාර්තා පොත් අතරට එක්විය.