සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්දියාව සමග අැති කරගත් ගිවිසුම් වලින් සැමදා වාසි අත්වූයේ ඉන්දියාවට පමණයි – සමාජවාදී ජනතා පෙරමුණ

ජාත්‍යන්තර වෙසක් සැමරුම් උත්සවය සදහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ මෙරට රජය අතර රටට අහිතකර කිසිදු ගිවිසුමක් සම්බන්ධයෙන් එකගතාවයකට නොපැමිණි බව අාණ්ඩුව පුන පුනා පවසා සිටියද “එට්කා” ගිවිසුම සම්බන්ධයෙන් යම් මට්ටමක සාකච්ඡා සිදුව අැති බවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අදහස් දැක්වීම් අනුව පැහැදිලි වන බව සමාජවාදී ජනතා පෙරමුණ පවසා සිටියි. අද (15) බොරැල්ල එන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ මහතා විසිනි.

වැඩිදුරටත් සිය අදහස් දක්වමින් රාජා කොල්ලුරේ මහතා අවධාරණය කර සිටියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළද ගිවිසුමකට එළඹුනහොත් එය දෙරටටම වාසිදායක තත්ත්වයක් බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් පවසා සිටියද මේතාක් කාලයක් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අැතිවූ ගිවිසුම් මගින් වැඩි වාසි අත්වූයේ ඉන්දියාවට පමණක් වන බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ පැවැදි හඩ සංවිධානයේ සාමාජික පූජ්‍ය ගලගම ධම්මරංසි හිමියන් පවසා සිටියේ ශ්‍රී ලංකා වෙෙද්‍ය සභාවට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම, මෙරට නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සදහා පෙනී සිටින සංවිධාන මර්දනය කිරීමට වත්මන් අාණ්ඩුව විසින් ගනු ලබන උත්සාහයේ තවත් එක් පියවරක් බවයි.

මෙම අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, චන්ද්‍රසිරි ගජධීර සහ ලංකා සම සමාජ පක්ෂයේ ලේකම් අාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට