මුන්දලම, සින්නපාඩුවෙන් කෝටියකට වැඩි හෙරොයින් තොගයක්..
මුන්දලම, සින්නපාඩුව ප්‍රදේශයේදී මුන්දලම පොලීසිය විසින් හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගෙන අැති බව වාර්තා වේ. සින්නපාඩුව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් අදාළ හෙරොයින් තොගය සහ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අැති අතර කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 50 ක් වන අදාළ හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටියකට අධික බව පොලිස් අාරංචි මාර්ග පවසා සිටියි.