සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සංහිදියාව යැයි සදහන් කරමින් මව්බිම දිනා දුන් රණවිරුවන් සිහිපත් නොකිරීම කණගාටුවට කරුණක් – මේජර් ජෙනරාල් කමල් ගුණරත්න.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදය, ජාතික සංවිධාන ඒකමුතුව සහ මව්බිම වෙනුවෙන් රණවිරුවෝ යන සංවිධාන විසින් ඊයේ (20) දින කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ දි 08 වැනි විජයග්‍රාහි සැමරුම නිමිත්තෙන් රණවිරු සැමරුමක් පැවැත්වීමට කටයුතු කරන ලදී.ශ්‍රි ලාංකික ගෝලිය සංසදයේ සම්බන්ධිකාරක වශයෙන් කටයුතු කරන නුවන් බෙල්ලන්තුඩාව මහතා විසින් මෙම සැමරුම පැවැත්වීම ස‍දහා මීට සති දෙකකට ඉහත දී අවසර ලබාගෙන අැති නමුත් පසුව ඒම අවසරය අවලංගු කර අැති බවට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ලිපියක් මගින් දැනුම් දීමට කටයුතු කර අැත.මේ සම්බන්ධයෙන් විරෝධය දක්වමින් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය විසින් කොළඹ නිදහස් චතුරස්‍රයේ දි සත්‍යග්‍රහයක් ද පැවැත්වීමට කටයුතු කරන ලදී.කෙසේ වෙතත් මෙම රණවිරු සැමරුමට පුජ්‍ය මුරුත්තෙට්ටුවේ අානන්ද,බෙංගමුවේ නාලක,මැදගොඩ අභයතිස්ස,ඉත්තෑකන්දේ සද්ධාතිස්ස යන හිමිවරුන් අැතුළු මහා සංඝරත්නය,ඒ්කාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රිවරුන් පිරිසක් මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරින් රැසක් ද සහභාගි වු අතර මෙම අවස්ථාවට පැමිණ සිටි රණවිරුවන්ට සහතික පත් ලබාදෙමින් ඔවුන්ව දිරි ගැන්වීමට කටයුතු කරන ලදී.ඒහි දි අදහස් දක්වමින් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සදහන් කර සිටියේ වත්මන් අාණ්ඩුව විසින් මෙරටට සාමය දිනාදුන්, දේශය අාරක්ෂා කළ රණවිරුවන් වෙනුවෙන් යුධ විජයග්‍රහණය සැමරීමට හෝ ඔවුන් වෙනුවෙන් කිසිදු අාගමික කටයුත්තක් හෝ සිදු කිරීමට කටයුතු නොකිරීම කණගාටුවට කරුණක් බවයි.ඒමෙන්ම උතුරේ විග්නේෂ්වරන්,සම්බන්ධන්,ශිවාජිලංගම් වැනි දේශපාලඥයින්ට කොටි ත්‍රස්තවාදින් සැමරීමට හැකිනම් සංහිදියාව නාමයෙන් මෙරට අාරක්ෂා කළ රණවිරුවන් සිහිපත් කර සැමරුමක් සිදු කිරීමට නොහැකි මන්දැයි විමසා සිටි ගුණරත්න මහතා ඒළඹෙන වසරේ විජයග්‍රාහි දිනයේ දි හෝ මියගිය සහ අාබාධිත වු රණවිරුවන් සිහිපත් කරමින් මේ රටේ සියළු දෙනා විසින් සෑම නිවසකම පහනක් දල්වා ඒම විරුවන්ට සෙත් පතමින් විජයග්‍රහණය සමරනු අැතැයි තමන් විශ්වාස කරන බව අවධාරණය කරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට