සත්‍යයේ පුවත් අඩහැරය….

අාණ්ඩුවේ වැඩපිළිෙවල ප්‍රශංසනීයයි,නමුත් ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතුයි – අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරය.

නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සදහා අාණ්ඩුව විසින් ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කර සිටින බව අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරය පවසයි.ඊයේ (23) කොළඹ දි පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒම සංවිධානයේ කැදවුම්කරු,ගාමිණි වියන්ගොඩ මහතා මේ බව සදහන් කරන ලදී. ඒහිදි වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ් මහතා පවසා සිටියේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ පාලන සමයේ දි ද නව ව්‍යාවස්ථාවක් ගෙන ඒ්ම සදහා උත්සාහ කළ නමුත් ඒම උත්සාහය කෙටි කාලයක් පුරා පමණක් පැවති බවයි.නමුත් යහපාලන අාණ්ඩුව විසින් මෙම වැඩපිළිවෙල සාර්ථක කරගැනීම සදහා මේ වන විට ජනාධිපති නීතිඥ ලාල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අදහස් ලබාගැනීමේ කමිටුවක් මෙන්ම පාර්ලිමේන්තුව තුළ විවිධ විෂය පථයන් යටතේ අනු කමිටු 06ක් සහ ප්‍රධාන කමිටුවක් පත් කර අැති බව සදහන් කළ විජේනායක මහතා, ඉහත අනු කමිටුවල වාර්තා ලැබි අැති බැවින් ප්‍රධාන කමිටුවේ වාර්තාව මේ මස මස අැතුළත සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන කමිටුවෙන් ඉල්ලා සිටින බව සදහන් කරන ලදී.මෙම අවස්ථාවට සහභාගි වු සාධරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු,මහාචාර්ය සරත් විජේසුරිය මහතා සදහන් කර සිටියේ විධායක ජනාධිපති ක්‍රමයේ පවතින අසීමිත සහ අහිතකර බලපෑම් අවම කර ගැනීම, නව මැතිවරණ ක්‍රමයක් හ‍දුන්වා දීම සහ සංහිදියාව තුලින් රට තුළ යහපාලන දේශපාලන සංස්කෘතියක් අැති කරන බවට ජනාධිපතිවරයා ලෙස පත්වීමට පෙර මෙෙත්‍රිපාල සිරිසේන මහතා විසින් සදහන් කළ සිටිය ද මේ දක්වා ඒම පාෙරාන්දු ඉටු වී නොමැති බවයි.වැඩිදුරටත් අදහස් දක්වමින් විජේසූරිය මහතා සදහන් කර සිටියේ මීට පෙර කිසිදු අාණ්ඩුවක් හෝ පාලකයෙක් මෙම නව ව්‍යවස්ථා සංකල්පයට ඒකගතාවය පළ නොකළ බැවින් යහපාලන අාණ්ඩුව මේ සදහා ගෙනයන වැඩපිළිවෙල අගය කළ යුතුයි.කෙසේ වෙතත් සකස් කරන ලද ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් සම්මත කරවා ගනිමින් ක්‍රියාත්මක කළ යුතු අතර ජනමත විචාරණයකින් අනුමත නොලබන අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත වීමට කිසි විටෙකවත් සිවිල් සංවිධාන වශයෙන් අවස්ථාව ලබා නොදෙන බව ද හෙතෙම වැඩි දුරටත් අවධාරණය කරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට