දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න සහ කොක්මාදූව පිවිසුම් ජලයෙන් යටවෙයි..
අධික වර්ෂාපතනය නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ කොක්මාදූව පිවිසුම් ජලයෙන් යටවී අැති බව වාර්තා වේ. මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට අැතුළුවීම සදහා වෙනත් පිවිසුම් මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දී සිටියි.