සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මෙරට පොලිස් රාජ්‍යයක් බවට පත්කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා – බොදු බල සේනා සංවිධානය

ශ්‍රී ලංකාව පොලිස් රාජ්‍යයක් බවට පත්කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට පොලිසියද හවුල්වී සිටින බව බොදු බල සේනා සංවිධානයේ මාධ්‍ය සම්බන්ධීකාරක අාචාර්ය දිලන්ත විතානගේ මහතා අවධාරණය කර සිටියි. ඊයේ (25) රාජගිරියේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළ අාචාර්ය දිලන්ත විතානගේ මහතා වැඩිදුරටත් පවසා සිටියේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය පිළිබදව පොලිස්පතිවරයා දැනුවත් කිරීමට කටයුතු කර අැති බවයි. ‍

එංගලන්තයේ මැංචෙස්ටර් නගරයේ මෑතකදී සිදුවූ බෝම්බ ප්‍රහාරය වැනි ප්‍රහාර ඉදිරි කාලය තුළ මෙරටදී ද සිදුවිය හැකි අතර ඒ සම්බන්ධයෙන් තම සංවිධානය අවධානයෙන් සිට හඩනගන බව ද දිලන්ත විතානගේ මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ සිංහල රාවය ජාතික සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සිය අදහස් පළ කරමින් පවසා සිටියේ නැගෙනහිර පළාතේ ඉඩම් සහ දේපළ සම්බන්ධයෙන් තීරණ ගැනීම සදහා පලාත් ප්‍රධාන අමාත්‍යවරයාට ඉඩම් හා පොලිස් බලතල ලබාදී තිබෙන්නේද යන්න විමසා සිටීමට සිදුවන බවයි. පුරාවිද්‍යාත්මකව ඉතා ඉහළ වටිනාකමකින් යුත් ස්ථාන, ජල නිම්න සහිත වනාන්තර කොටස් අන්තවාදීන් විසින් විනාශ කරමින් යන තත්ත්වයක් උද්ගතව අැති අතර මේ සම්බන්ධයෙන් සත්‍ය තතු රටට හෙළිකරන විට තම සංවිධාන අන්තවාදී සංවිධාන ලෙස හදුන්වාදීමට අැතැම් පිරිස් විසින් උත්සාහ ගනිමින් සිටින බවද පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම අවස්ථාව සදහා සිංහලේ අපි සංවිධානයේ සභාපති පූජ්‍ය ජබුරේවෙල චන්ද්‍රරතන හිමියන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට