රාජ්‍ය පරිපාලන සේවා විභාගය දින නියමයක් නොමැතිව කල්යයි..
රට තුල මේ වන විට උද්ගතව අැති ගංවතුර හා ආපදා තත්ත්වය හේතුවෙන් හෙට (27) පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය පරිපාලන සේවා විභාගය කල් දැමීමට තීරණය කර අැති බව වාර්තා වේ. අදාළ විභාගය දින නියමයක් නොමැතිව කල්දමා අැති අතර නැවත විභාගය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් පවසා සිටියි.