සත්‍යයේ පුවත් අඩහැරය….

ගංවතුර නිසා ඇති විය හැකි රෝග වලින් මිදෙන්න ජලය උණුකර පානය කරන්න, සෞඛ්‍ය අංශ වලින් උපදෙස්..

පවතින අධික වර්ෂාවත් සමග ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල රක්‌ත අතීසාරය (ලේ අතීසාරය) පාචනය හා මී උණ (ලෙප්ටොස්‌පයිරෝසිස්‌) ඇතුළු ජලයෙන් බෝ වන රෝග පැතිරීමේ දැඩි අවදානමක්‌ පවතින බවට සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කර සිටියි. වැසිකිළි වළවල් ඉතිරී යාමෙන් සහ පසෙහි පවතින කුණු කසළ සේදී යෑම නිසා ඉහත රෝගී තත්ත්වයන් ඇති විය හැකි අතර එයින් මිදීමට නළ ජලය වුවද පානය කිරීමට හා ආහාර පිරිසිදු කිරීම, සැකසීම, පිසීම සඳහා යොදා ගන්නේ නම් උණු කර නිවා ගැනීම වඩාත් යෝග්‍යය බව සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් පවසා සිටියි. පළතුරු, එළවළු සහ පලා වර්ග භාවිතයට ගැනීමේදී ඉතා හොඳින් පිරිසිදු කරගතයුතු අතර අමු එළවළු හා පලා වර්ග අනුභව කිරීමෙන් වැළකී සිටිය යුතු බවත් හොඳින් පිසගත් ආහාර පමණක්‌ සෑම විටම ආහාරයට ගත යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට