සත්‍යයේ පුවත් අඩහැරය….

දුම් බීම පාලනය කිරීමට කිසිදු පියවරක් නොගෙන ජාත්‍යතන්තර දුම්වැටි විරෝධී දිනය සැමරීම සාධාරණ ද..? රජයේ වෙෙද්‍ය නිලධාරින්ගේ සංගමය විමසයි..

ජාත්‍යතන්තර දුම්වැටි විරෝධී දිනය මැයි 31 වන දිනට යෙදී තිබු නමුත් දුම්වැටි භාවිතය වැළැක්වීම සදහා රජය විසින් මේ සදහා නිවැරදි වැඩපිළිවෙලක් මෙතෙක් ගෙන නොමැති බව රජයේ වෙෙද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කර සිටියි. ඊයේ (31) දින කොළඔ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් රජයේ වෙෙද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෙෙද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කර සිටියේ මෙෙත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා අැතුළු රජයට දුම්වැටි භාවිතය පාලනය කිරීම සදහා යෝජනාවලියක් ඉදිරිපත් කර අැති මුත් මේ වන තෙක් ඊට විසදුමක් ගෙන නොමැති බවයි.

නැවතත් ඒ පිළිබදව සිහිපත් කිරීමට කටයුතු කරන බව සදහන් කළ ඒ මහතා, ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙම තත්ත්වය පාලනය කිරිමට අවශ්‍යතාවය තිබෙන මුත් වගකීම් දරන වෙනත් පුද්ගලයින් ඊට සහාය නොදැක්වීමෙන් දුම්වැටි භාවිතා කරන පිරිසේ අඩුවීමක් සිදු වී නොමැති බව ද සදහන් කරන ලදී.

වැඩිදුරටත් අදහස් දක්වමින් වෙෙද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටියේ, ජනාධිපතිවරයා විසින් ජාත්‍යන්තර දුම්වැටි විරෝධී  දිනය සැමරුව ද අදාළ ව්‍යසන තත්ත්වය මැඩපැවැත්වීමට නිසි වැඩසටහනක් මේ වන තෙක් ක්‍රියාත්මක නොකර මෙම දිනය සැමරීමට පමණක් කටයුතු කිරීම සුදුසු නොවන බවයි. මෙම මාධ්‍ය හමුව සදහා රජයේ වෙෙද්‍ය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක වෙෙද්‍ය නලින් ද හේරත් මහතා සහ සාමාජික වෙෙද්‍ය චන්දන ධර්මරත්න මහතා ද සහභාගි වී සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට