සහන සැලසීමට චීන නෞකා තුනක් මෙරටට..
ගං වතුර සහ නායයාම් නිසා පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා චීන නෞකා තුනක් මෙරටට පැමිණ අැති බව වාර්තා වේ. චීන නාවික හමුදාවට අයත් නෞකා 03 ක් කොළඹ වරායෙන් මෙරටට ළඟා වී අැති අතර ඒ සමග පැමිණි වෛද්‍ය කණ්ඩායම් 05 ක් ද ආපදා සහන කටයුතු වලට සහභාගි වීමට නියමිතව අැති බව වාර්තා වේ.