පීඩාකාරීව ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතා කිරීම, උඩුවේ හිමිට එරෙහි නඩුව දිගටම විභාග කිරීමට අධිකරණය තීන්දු කරයි..
මහජනතාවට පීඩාවක් වන ලෙස ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතා කළ බවට චෝදනා කරමින් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහිව පවරා අැති නඩුව තවදුරටත් විභාග කරන බවට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද (01) තීරණය කරන ලදී. පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත‍්‍ර මහජනතාවට පීඩාවක් වන භාවිතා කළ බවට මෙම චෝදනාව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමිට එල්ලවී අැති අතර අදාළ නඩුවට එරෙහිව උන්වහන්සේ විසින් ගොනු කරන ලද මූලික විරෝධතා පෙත්සම ද ප‍්‍රතික්ෂේප කරමින් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.