සත්‍යයේ පුවත් අඩහැරය….

කටුනායක වෙළද කලාප ප්‍රහාරයට වසර 06 යි, නීතිය තවම ක්‍රියාත්මක වී නෑ – නිදහස් වෙළද කලාප පොදු සේවක සංගමය

විශ්‍රාම වැටුපක් හදුන්වා දීම සම්බන්ධයෙන් විරෝධය දක්වා කටුනායක නිදහස් වෙළද කලාපයේ දී මීට වසර 06 ක පෙර පැවති විරෝධතාවයේදී එල්ල වූ පොලිස් ප්‍රහාරය නිසා මිය ගිය හා තුවාල ලැබූ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් නිසි සාධාරණයක් ඉටු වී නොමැති බව නිදහස් වෙළද කලාප පොදු සේවක සංගමය අවධාරණය කර සිටියි. අද (02) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ නිදහස් වෙළද කලාප පොදු සේවක සංගමයේ සම ලේකම් අැන්ටන් මාකස් මහතා විසිනි.‍

සිය අදහස් දක්වමින් මාකස් මහතා වැඩිදුරටත් පවසා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් පසුගිය අාණ්ඩුව විසින් කොමිසමක් පත් කරන ලද අතර අදාළ කොමිසම සිය විමර්ශනය අවසන් කර වාර්තාවත් සකස් කර අැතත් මෙතෙක් අදාළ වාර්තාව නිල වශයෙන් නිකුත් කර නොමැති බවයි. රාජ්‍ය අාරක්ෂාවට තර්ජනයක් බැවින් අදාළ වාර්තාව නිකුත් නොකරන බව වත්මන් අාණ්ඩුව විසින් පවසා සිටිය ද එය පිළිගැනීමට නොහැකි අතර අදාළ සිදුවීම නිසා මියගිය පුද්ගලයින් සදහා රුපියල් ලක්ෂ 50 ක වන්දියක් ලබා දීමට අාණ්ඩුව විසින් කටයුතු කළයුකු බවත් වගකිවයුත්තන්ට නිසි පරිදි දඩුවම් ලබා දීමට අාණ්ඩුව කටයුතු කළයුතු බවත් අැන්ටන් මාකස් මහතා වැඩිදුරටත් සිය අදහස් දක්වමින් අවධාරණය කර සිටින ලදී.

අදාළ විරෝධතාවයේදී පොලිස් ප්‍රහාරයෙන් මියගිය රොෂේන් චානකගේ පිළිරුවක් කටුනායක ප්‍රදේශයේ ඉදිකිරීම සදහා බලාපොරොත්තු වන අතර රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරුවන්ට දඩුවම් ලබා දුන්නද කටුනායක සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි විමසා සිටින බවද අැන්ටන් මාකස් මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරමින් පවසා සිටින ලදී. අධිකරණය යොදා ගනිමින් ශිෂ්‍ය හා වෘත්තීය සමිති මර්දනය කිරීමට අාණ්ඩුව දිගින් දිගටම කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව ඉදිරියේදී දැවැන්ත වැඩපිළිවෙලක් දියත් කරන බවත් අත්සන් දශ ලක්ෂයකින් යුත් විරෝධතා පෙත්සමක් අත්සන් කිරීමට කටයුතු කරන බවද අැන්ටන් මාකස් මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා මියගිය රොෂේන් චානකගේ මවද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට