හානි වූ පාසැල් හැර ඉතිරි පාසැල් අද සිට යළි විවෘතයි..
දිවයිනට බලපෑ ගං වතුර සහ නායයාම් තත්ත්වය නිසා අධ්‍යයන කටයුතු සිදු කළ නොහැකි පාසැල් හැර අන් සියළු පාසැල් අද (05) සිට යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටියි. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සහ අධ්‍යාපන බලධාරීන් අතර පසුගය සිකුරාද විශේෂ සාකච්ඡාවක් පැවති අතර එහිදී පාසැල් යළි විවෘත කිරීම පිළිබදව තීරණය කර අැත.