සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

යුක්තියේ ප්‍රමාදයක් සහ අධිකරණයේ නිහඩතාවයක් අැති වෙලා – පූජ්‍ය උලපනේ සුමංගල හිමි

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අපරාධකරුවෙකු ලෙස චෝදනා කරමින් අත්අඩංගුවට ගන්නේ නම් ඊට එරෙහිව පෙනී සිටින බව දූෂණ විරෝධී පෙරමුණේ කැදවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් අවධාරණය කර සිටියි. අද (05) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් විසින් මෙම අදහස් පළ කරන ලද අතර ජාතිවාදී හෝ අාගම්වාදී ගැටුම් කිසිදු ලෙසකින් අනුමත නොකරන බවද උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කරන ලදී.

රටේ නීතිය නිසි පරිදි, සමානත්වයෙන් ක්‍රියාත්මක කරන බවට වත්මන් යහපාලන අාණ්ඩුව බලයට පැමිණෙන විට පෙරොන්දු වුවද මේ වන විට ඒ අාකාරයට නිතිය ක්‍රියත්මක වන බවක් නොපෙනෙන බව ද පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සිය අදහස් දක්වමින් තවදුරටත් පවසා සිටින ලදී. යුක්තියේ ප්‍රමාදයක් මෙන්ම අධිකරණයේ නිහඩතාවයක්ද දක්නට ලැබෙන අතර අැතැම් පිරිස් සහ අැතැම් ප්‍රදේශයන් පමණක් ඉලක්ක කරගනිමින් නීතිය ක්‍රියාත්මක වීම සිදු නොවිය යුතු බවද පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා රත්මලාන බෞද්ධ පර්යේෂණ අායතනයේ අධ්‍යක්ෂ පූජ්‍ය හෑගොඩ විපස්සී සහ අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය අාචාර්ය මැදගම ධම්මානන්ද යන හිමිවරුන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට