සත්‍යයේ පුවත් අඩහැරය….

අමාත්‍යංශ කිහිපයක ලේකම් ධූර සදහා නව මුහුණු..

අමාත්‍යාංශ කිහිපයකට නව ලේකම්වරුන් පත් කිරීමට රජය තීරණය කර අැත. ඒ අනුව පහත පරිදි අදාළ ලේකම්වරුන් පත්කර තිබේ. සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශ ලේකම් ලෙස උදය සෙනෙවිරත්න, ඛණිජ තෙල් අමාත්‍යාංශ ලේකම් ලෙස උපාලි මාරසිංහ, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ ලේකම් ලෙස අනුර දිසානායක යන මහත්වරුන් පත් කර ඇති බව වාර්තා වෙයි. එමෙන්ම වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස ජයන්ත විජේරත්න, කම්කරු අමාත්‍යාංශ ලේකම් ලෙස එස්.ඒ.එන් සරණතිස්ස, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශ ලේකම්වරිය ලෙස ශිරාණි වීරකෝන් යන මහත්ම මහත්මීන් පත් කර අැත. ඒ.පී.ජි කිත්සිරි මහතා ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ලෙසත් දර්ශනා සේනානායක මහත්මිය සංවර්ධන කාර්යය භාර අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙසත් ජි.එස් විතානගේ මහතා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ ලේකම්වරයා ලෙස පත්වීම් ලබා තිබේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට