සිවිල් වැසියන් දෙදෙනකු ඝාතනය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට මරණ දඩුවම..
අම්පාර මහාධිකරණය විසින්පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට මරණ දඬුවම ලබා දී අැති බව වාර්තා වේ. 1997 සැප්තැම්බර් මස 23 වන දින හෝ ඊට ආසන්න දිනයකදී සිවිල් වැසියන් දෙදෙනෙකුට රාජකාරි ගිනි අවිවලින් වෙඩි තබා ඝාතනය කිරිම සහ නිවෙස් ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් මෙම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාට එරෙහිව චෝදනා එල්ල විය.