සත්‍යයේ පුවත් අඩහැරය….

ජනතාවට යුතුකම් ඉටු නොකළ නිසා බියට පත්ව සිටින යහපාලන අාණ්ඩුව මැතිවරණ පැවැත්වීම අසාධාරණ ලෙස කල්දමමින් සිටිනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන

ජනතාවට නිසි පරිදි තම යුතුකම් ඉටු නොකළ බැවින් බියට පත්ව සිටින වත්මන් යහපාලන අාණ්ඩුව මැතිවරණ පැවැත්වීම දිගින් දිගටම කල්දමමින් සිටින අතර අාපදා තත්ත්වයේදී ජනතාවට නිසි ලෙස සහන සැලසීමට අාණ්ඩුව කටයුතු නොකළ බවත් ඒකාබද්ධ විපක්ෂය චෝදනා කර සිටියි. ඊයේ (07) බොරැල්ල අැන්.අැම් පෙරේරා මධ්‍යස්ථානයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා විසිනි. අාපදා කළමණාකරණය සම්බන්ධයෙන් රජය සතුව නිසි වැඩපිළිවෙළක් නොපවතින බව මනාව පැහැදිලි වූ කරුණක් බවත් අාණ්ඩුවේ මැති අැමතිවරුන් සම්බන්ධයෙන් ජනතාව සතුව කිසිදු විශ්වාසයක් නොමැති බවත් මහින්ද යාපා අබේවර්ධන මහතා සිය අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා සිටින ලදී. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාෙග් පාලන සමය තුළ පළාත් පාලන අායතන මනාව පවත්වාගෙන යමින් ඒවා සක්‍රීය කර තිබීම නිසා අාපදා තත්ත්වයන් අැතිවූ අවස්ථාවන්හිදී මනාව ජනතාවට සහන සැලසීමට හැකිවූ නමුත් අද වන විට වත්මන් අාණ්ඩුව විසින් මැතිවරණය නොපැවැත්වීම නිසා අදාළ පළාත් පාලන අායතන අක්‍රීය වී අැති බවද අබේවර්ධන මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි. මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වෙමින් සිය අදහස් පළ කළ පද්ම උදය ශාන්ත මහතා පවසා සිටියේ ජාතිවාදය අැති කරන දේ සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිස් ස්ථානාධිපතිවරුනට බලය හිමිවන අාකාරයේ නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පතිවරයා විසින් කටයුතු කර අැති අතර සිවිල් නීතිය යටතේ කටයුතු කරන පොලිසියට මෙවැනි චක්‍රලේඛය මගින් බලය පැවරීම ගැටළු සහගත බවයි. මෙම අවස්ථාව සදහා ලංකා සම සමාජ පක්ෂයේ ලේකම් අචාර්ය තිස්ස විතරණ මහතාද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට