දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ජය පැන්බොයි
ඉන්දියාව සමග ඊයේ (08) පැවති එක්දින තරගය කඩුළු 07 කින් විශිෂ්ඨ ලෙස ජය ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඉන්දීය කණ්ඩායම මුලින් පන්දුවට පහරදෙමින් කඩුළු 06 ක් දැවී ලකුණු 321 ක් ලබා ගත් අතර ලකුණු 322 ක දැවැන්ත මෙන්ම අසීරු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම අදාළ ඉලක්කය පන්දුවාර 49.4 කදී කඩුළු 03 ක් පමණක් දැවී සපුරා ගැනීමට සමත් විය. කුසල් මෙන්ඩිස් පන්දු 93 කදී ලකුණු 89 ක් ලබා ගත් අතර ධනුෂ්ක ගුණතිලක ලකුණු 76 ක් ද ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 52 ක් ද ලබා ගන්නා ලදී.