සත්‍යයේ පුවත් අඩහැරය….

අාන්දෝලනයකට ලක්ව අැති ප්ලාස්ටික් සහල් ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මතය වහාම හෙළි කළයුතුයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

මේ වන විට රට තුළ මහත් අාන්දෝලනයකට ලක්ව අැති ප්ලාස්ටික් සහල් සම්බන්ධයෙන් සිය මතය ජනතාවට හෙළි කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වහාම කටයුතු කළයුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතු ඉහත ඉල්ලීම සහිත ලිපියක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර අැති අතර අදාළ ගැටළුව සම්බන්ධයෙන් ආහාර සම්බන්ධයෙන් නිසි බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මතය අතිශයින්ම වැදගත් බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්ය. 1980 අංක 26 දරන ආහාර පනත අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, රටේ ආහාර සම්බන්ධයෙන් නිසි බලධාරියා වන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්ය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට