සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරට පත්වූ අකාර්යක්ෂමම සෞඛ්‍ය අමාත්‍යවරයා රාජිත සේනාරත්නයි, ඔහුගේ වෙෙරී දේශපාලනයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය දේශපාලනාධිකාරියට නතු වෙමින් පවතිනවා – රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය

මෙරට කටයුතු කළ සෞඛ්‍ය අමාත්‍යවරුන් අතරින් අකාර්යක්ෂමම සෞඛ්‍ය අමාත්‍යවරයා වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බවත් සෞඛ්‍ය අමාත්‍යංශය මේ වන විට දේශපාලනාධිකාරියට නතු වෙමින් පවතින බවත් රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. අද (09) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෙෙද්‍ය සමන්ත අානන්ද මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී.

සිය අදහස් දක්වමින් වෙෙද්‍ය සමන්ත අානන්ද මහතා තවදුරටත් පවසා සිටියේ ඩෙංගු උණ රෝගීන් සදහා ලබා දෙන ඔෟෂධ වල පැවති හිගය අවම කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය ඉතා කාර්යක්ෂම ලෙස අදාළ ඔෟෂධ ගෙන්වීමට කටයුතු කරන් ලද්දේ තම සංගමය විසින් අදාළ ඔෟෂධ හිගය පිළිබධව අනාවරණය කිරීමෙන් පසුව බවයි. වෙෙරී දේශපානයක නිරතව සිටින වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යංශය දේශපාලනීකරණය කිරීම සදහා වැඩබලන තනතුරු පමණක් පත්කිරීමට කටයුතු කර අැති බවයි. දීර්ඝ කාලයක් තිස්සේ අමාත්‍යංශයේ වැඩබලන ලේකම්වරයෙක් පමණක් කටයුතු කළ අතර ස්ථිර ලේකම්වරයෙකු පත් කරන ලද්දේ ඉතා මෑතකදී බව ද වෙෙද්‍ය සමන්ත අානන්ද මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෙෙද්‍ය නවීන ද සොයිසා සහ සහකාර ලේකම් වෙෙද්‍ය හරිත අලුත්ගේ යන මහත්වරුන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට