කන්කසන්තුරේ මුහුදේ දී හෙරොයින් කිලෝ 5 ක් හමුවෙයි..
කන්කසන්තුරේ මුහුදු සීමාවේ පාවෙමින් තිබූ හෙරොයින් මත්කුඩු කිලෝ 5 කට අධික ප්‍රමාණයක් සොයා ගෙන අැති බව වාර්තා වේ. නාවික හමුදාව විසින් ඊයේ (09) රුපියල් කෝටි 05 කට අධික වටිනාකමකින් යුත් මෙම හෙරොයින් තොගය සොයාගෙන අැති අතර වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා අදාළ හෙරොයින් තොගය කන්කසන්තුරේ පොලීසිය වෙත බාරදී ඇති බව ද වාර්තා වේ.