සත්‍යයේ පුවත් අඩහැරය….

නිතීඥ වෘත්තියට නිගා වන ලෙස හැසිරුනු අමාත්‍ය ජෝන් අමරතුංග ගැන පරීක්ෂණයක් අවශ්‍යයි, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙන් අගවිනිසුරුට ඉල්ලීමක්..

මාධ්‍යවේදියෙකු හට අසභ්‍ය වචනයෙන් බැණවදිමින් සහ තර්ජනය කරමින් නිතීඥයෙකු වන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පසුගිය දා හැසිරුනු අාකාරය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය, අගවිනිසුරුතුමාගෙන් ඉල්ලා සිටියි. අගවිනිසුරුතුමා වෙත ලිපියක් යොමු කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් අදාළ ඉල්ලීම සිදු කර අැත. නිතීඥයෙකු, යහපත් චරිතයකින් සහ මනා හැසිරීමකින් යුක්ත පුද්ගලයෙකු විය යුතු අතර ඒ සදහා බදවා ගැනීමේදී ද අදාළ පුද්ගලයාගේ චරිතය සම්බන්ධයෙන් අවධානය යොමු කරන නමුත් නීතිඥයෙකු මෙන්ම ජනතා නියෝජිතයෙකුද වන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පසුගිය දා හැසිරුණූ අාකාරය ඉතාම අශෝභන බවද අදාළ ලිපියෙහි වැඩිදුරටත් සදහන්ය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට