සත්‍යයේ පුවත් අඩහැරය….

අශෝභන, ලැජ්ජා සහගතව හැසිරෙන අාණ්ඩුවේ අැමතිවරුන්ට එරෙහි වීමට අාණ්ඩුවට කොන්දක් නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග

අාණ්ඩුවේ අමාත්‍යවරුන් විසින් සිදු කරන අශෝභන, ලැජ්ජා සහගත ක්‍රියාවන්ට එරෙහිව යමක් සිදුකිරීමට වත්මන් අාණ්ඩුවට පිටකොන්දක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා චෝදනා කර සිටියි. අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් පසුගිය දා මාධ්‍යවේදීයෙකු හට ඉතා පහත් අන්දමින් පරුෂවචනයෙන් බැණ වදිමින් අශෝභන ලෙස හැසිරීම පිළිබද අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කරන ලදී. වත්මන් යහපාලන අාණ්ඩුව රජ තුළ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය සහ මාධ්‍ය නිදහස අැති කරන බවට පවසමින් බලයට පැමිණි නමුත් අදාළ පොරොන්දු සියල්ල කඩකරමින් මේ වන විට කටයුතු කරමින් සිටින බවද ප්‍රසන්න රණතුංග මහතා සිය අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට