සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට අැගිලි ගසන්න එපා, ජාතික සංවිධාන එකමුතුව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලයි..

මෙරට අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වන වාර්තාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂිත නියෝජිතවරියක වන මොනිකා බ්‍රෙන්ටෝ විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ලබා දී අැති අතර ඒ සම්බන්ධයෙන් විරෝධය පළකරන බවත් ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා විසින් මෙම අදහස් පළ කරන ලද්දේ අද (12) රාජගිරියේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙරට අධිකරණ ක්‍රියාවලිය පිළිබද ජනතාව තුළ කිසිදු අාකාරයක විශ්වාසයක් නොමැති බවත් ශ්‍රී ලංකාවට දෙමුහුන් අධිකරණයක් අවශ්‍ය වන බවටත් අදාළ වාර්තාවේ කරුණු සදහන්ව අැති බවද සරත් වීරසේකර මහතා සිය අදහස් දක්වමින් මෙහිදී පවසා සිටින ලදී. වැඩිදුරටත් සිය අදහස් පළ කරමින් සරත් වීරසේකර මහතා පවසා සිටියේ ස්වාධීන රටක අභ්‍යන්තර කටයුතු සදහා අැගිලි නොගසන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබද නිත්‍ය නියෝජිතවරියගෙන් ඉල්ලා සිටින බවයි.

ලබන 15 වනදා සිටි 21 වනදා තෙක් පැවැත්වෙන ජිනවා මානව හිමිකම් සැසියට සහභාගි වී මෙම වාර්තාව පිළිබද සිය විරෝධය පළකිරීමට කටයුතු කරන බවත් මෙම වාර්තාව සම්බන්ධයෙන් රජයේ නීතිඥ සංගමය නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ මන්දැයි විමසා සිටින බව ද සරත් වීරසේකර මහතා වැඩිදුරටත් සිය කරුණු දක්වමින් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට