සත්‍යයේ පුවත් අඩහැරය….

වත්මන් අාණ්ඩුවේ වැඩපිළිවෙළ හමුවේ රට දිනෙන් දින අගාධයට යමින් තිබෙනවා – සමාජවාදී ජනතා පෙරමුණ

පසුගිය දින වලදී රටතුළ අැතිවූ අපදා තත්ත්වයේදී රජය කටයුතු කළ අාකාරයට ඉතා කණගාටුදායක අතර පසුගිය පාලන කාලය තුළ ඉතා මැනවින් ජල කළමනාකරණය අාදී කටයුතු සිදුකළ බව සමාජවාදී ජනතා පෙරමුණ අවධාරණය කර සිටියි. අද (12) බොරැල්ල එන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ මහතා විසිනි.

සිය අදහස් දක්වමින් රාජා කොල්ලුරේ මහතා තවදුරටත් පවසා සිටියේ පසුගිය දා සිදුකරන ලද අමාත්‍යමණ්ඩල සංශෝධනය විහිළු සහගත වන බවත් පසුගිය රජය විසින් සිදුකරන ලද සංවර්ධන ව්‍යාපෘති ඉදිරියට ගෙන යනවා විනා වත්මන් අාණ්ඩුව කිසිදු අාකාරයක නව සංවර්ධන ව්‍යපෘති කිසිවක් අාරම්භ කොට නොමැති බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අාචාර්ය තිස්ස විතාරණ මහතා පවසා සිටියේ වත්මන් අාණ්ඩුවේ වැඩපිළිවෙළ හමුවේ රට දිනෙන් දින අගාධයට ගමන් කරමින් සිටින බවයි. සාමාන්‍යයෙන් එක්සත් ජාතික පක්ෂ පාලන සමය තුළ රටේ ජාතික සමගිය බිද වැටීම සාමාන්‍ය කරුණක් වන අතර ඒ සම්බන්ධයෙන් සාක්ෂි පවතින බවත් උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් සහ බොදු බල සේනා සංවිධානය විසින් උතුරේ හා දකුණේ ජාතික සමගියට ගැටළු අැතිවන අාකාරයෙන් කටයුතු සිදු කරන බව ද තිස්ස විතාරණ මහතා වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර සහ චන්ද්‍රසිරි ගජධීර යන මහත්වරුන් ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට