අවදානම් තත්ත්වය නිසා මතුගම පාසැල් 02 ක් ඉවත් කෙරේ..
දැඩි අවදානම් තත්ත්වයක් මතුව ඇති මතුගම අධ්‍යාපන කලාපයේ පාසල් දෙකක් අදාළ ස්ථාන වලින් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය විසින් කටයුතු යොදා ඇත. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ පාසැල් එම ස්ථාන වලින් ඉවත් කළයුතු බවට නිර්දේශ කර ඇති අතර මෙම අධ්‍යාපන කලාපයේ පිහිටා ඇති තවත් පාසල් පහළොවක් අවදානම් තත්ත්වයේ පවතින බවට හඳුනාගෙන ඇති බවද වාර්තා වේ.