නීති විරෝධී ලෙස මෙරටින් රත්‍රං පිට කිරීමට උත්සාහ කළ ගුවන් හමුදා සෙබළෙකු කටුනායක දී අත්අඩංගුවට..
නීති විරෝධී ලෙස රුපියල් කෝටියකට අධික වටිනා රත්‍රං තොගයක් මෙරටින් පිට කිරීමට උත්සහ කළ ගුවන් හමුදා සෙබළෙකු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන අැති බව වාර්තා වේ. අදාළ ගුවන් සෙබළා, ටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේ සේවය කරමින් සිටි අයෙකු වන අතර අදාළ රත්‍රං තොගය කිලෝග්‍රෑම් දෙකකට අධික බරකින් යුක්ත බවද වාර්තා වේ.