රාජගිරිය මංසන්ධියේ ගුවන්පාලම මේ වසරේ දෙසැම්බර් විවෘතයි..
රාජගිරිය මංසන්ධියේ ගුවන්පාලම් දෙක මෙම වසරේ දෙසැම්බර් මාසයට පෙර ජනතා අයිතියට පැවරිය හැකිවනු අැති බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කර සිටියි. අදාළ පාලමේ කටයුතු නිම කිරීමට නියමිතව තිබුනේ 2018 වසරේ දෙසැම්බර් මාසයේදී වන අතර මේ හේතුවෙන් ඇස්තමේන්තු කළ මුදලට වඩා අඩු මුදලකින් පාලමේ කටයුතු නිම කිරීමට හැකිවනු ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි. පාලමේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සදහා පැමිණි අමාත්‍යවරයා විසින් මෙම අදහස් පළ කරන ලදී.