සත්‍යයේ පුවත් අඩහැරය….

ගුරු, විදුහල්පති වෘත්තීය ගැටළු රැසකට මෙතෙක් විසදුම් නෑ, සාකච්ඡාවක් හෝ ලබා දී නෑ – ගුරු විදුහල්පති පෙරමුණ

අද වන විට මෙරට විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් වෘත්තීය ගැටළු රැසකට මුහුණ දී සිටින නමුත් අදාළ ගැටළු සදහා කිසිදු අාකාරයකින් විසදුම් ලබා දීමට විනා සාකච්ඡාවක් හෝ ලබා දීමට බලධාරීන් කටයුතු කර නොමැති බව ‍ගුරු විදුහල්පති පෙරමුණ චෝදනා කර සිටියි. අද (14) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ ගුරු විදුහල්පති පෙරමුණේ කැදවුම්කරු මහින්ද ජයසිංහ මහතා විසිනි.

සිය අදහස් දක්වමින් මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ වැටුප්, ස්ථාන මාරුවීම්, මාණ්ඩලික ශ්‍රේණි වරප්‍රසාද සහ විදුහල්පතිවරුන් ස්ථානගත කිරීම යනාදි කරුණු සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයන් රැසක් මේ වන විට මතුව අැති අතර මේ සම්බන්ධයෙන් දිගින් දිගටම බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළද අදාළ ගැටළු සදහා මෙතෙක් කිසිදු අාකාරයක විසදුමක් ලැබී නොමැති බවයි. මෙම තත්ත්වයට විරෝධය දක්වමින් ලබන 28 වනදා බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට ගුරු විදුහල්පති පෙරමුණ තීරණය කළ බවද විද්වත් අදහස් වලට අැහුම්කන් නොදී වීෂ සහිත කෘතිම කඩදාසි වලින් පෙළපොත් මුද්‍රණය කිරීමට බලධාරීන් විසින් ගෙන අැති තීරණය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන බවද මහින්ද ජයසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් කරුණු අවධාරණය කර සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ගුරු විදුහල්පති පෙරමුණේ සභාපති ධම්මික අලහප්පෙරුම, කතෝලික ගුරු සංගමයේ ලේකම් නිර්මලා ගමගේ, ස්වාධීන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් සරත් කහදවල සහ විදුහල්පති සේවා සංගමයේ සභාපති සුනිල් ප්‍රේමතිලක යන මහත්ම මහත්මීන් ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට