සෑම සතියකම සිකුරාදා පැයක පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළක්, අද සිට ඇරඹෙයි..
සෑම සතියකම සිකුරාදා දින පැයක කාලයක් රාජ්‍ය, පෞද්ගලික ආයතන සහ පුද්ගලික නිවාස පරිශ්‍රයන් පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළක් අද (16) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටියි. ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්‌වීම අරමුණු කරගනිමින් සතියේ සෑම සිකුරාදා දිනකම උදෑසන 9.30 සිට 10.30 දක්වා වන පැයක කාලය මෙම පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළ දියත් කෙරෙනු ඇත.