පළමු කිලෝ මීටරයට අය කරන ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 10 කින් ඉහළට..
පළමු කිලෝ මීටරයට අය කරන ගාස්තුව රුපියල් 10 කින් වැඩ කරන බව ස්‌වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය අවධාරණය කර සිටියි. අදාළ ගාස්තු ඉහළ යාම ලබන ජුලි මස 10 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. ත්‍රිරෝද රථ අමතර කොටස්‌වල මිල ඉහළ යෑම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර පළමු කිලෝ මීටරයට අය කරනු ලබන ගාස්තුව ඉහළ ගිය ද දෙවැනි කිලෝ මීටරයේ සිට පැරණි ගාස්තුව වන රුපියල් 40 බැගින් අය කරනු ඇති බව ද වාර්තා වේ.