අයි.සී.සී ශූරයින්ගේ කුසලානය පාකිස්ථානයට..
2017 අයි.සී.සී ශූරයින්ගේ කුසලානය තමන් සතු කර ගැනීමට පාකිස්තානය ඊයේ (18) සමත් විය. ඉන්දීයාව සමග ඊයේ පැවති අවසන් මහා තරගයේදී ඉන්දීය ඇරයුමින් මුලින් පන්දුවට පහර දුන් පාකිස්තානය සිය පන්දුවාර 50 දී කඩුළු 04 ක් පමණක් දැවී දැවැන්ත ලකුණු 338 ක් රැස් කරගන්නා ලදී. ලකුණු 339 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට තම සියළු ක්‍රීඩකයින් දැවී පන්දුවාර 30.3 ක් තුළ රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 158 ක් පමණි.