සත්‍යයේ පුවත් අඩහැරය….

ඩෙංගු වසංගත තත්ත්වය මැඩපැවැත්වීමට වත්මන් ආණ්ඩුවට කිසිදු ප්‍රතිපත්තියක් හෝ වැඩපිළිවෙළක් නෑ – සමාජවාදී ජනතා පෙරමුණ

රට තුළ මේ වන විට උද්ගතව ඇති ඩෙංගු වසංගත තත්ත්වය මැඩපැවැත්වීමට සදහා වත්මන් ආණ්ඩුවට කිසිදු ප්‍රතිපත්තියක් හෝ වැඩපිළිවෙළක් නොමැති නමුත් පසුගිය පාලන කාලය තුළ ඒ සදහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බව සමාජවාදී ජනතා පෙරමුණ අවධාරණය කර සිටියි. අද (19) බොරැල්ල එන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ මහතා විසිනි.

සිය අදහස් පළ කරමින් රාජා කොල්ලුරේ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ඩෙංගු වසංගත තත්ත්වය මැඩපැවැත්වීමට කටයුතු නොකරන වත්මන් ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය රැකගැනීම සදහා අරගල කරනු ලබන විශ්වවිද්‍යාල සිසුන් මර්දනය කිරීමට නම් නොබියව ඉදිරිපත් වන බවයි. බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීම සදහා අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇතත් වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයින් විසින් උන්වහන්සේ ආරක්ෂා කිරීම නිසා ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පොලිසියට මෙතෙක් නොහැකි වී ඇති බව ද රාජා කොල්ලුරේ මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදී. නීතිය සැමට පොදු සහ සාධාරණ ලෙස ක්‍රියාත්මක විය යුතු වන නමුත් වත්මන් ආන්ඩුව යටතේ එවැන්නක් සිදු වන ආකාරයක් නොපෙනන බවත් රජයේ ආයතනයක් වන ශ්‍රී ලංකා පොලිසිය රජයට අවශ්‍ය කටයුතු පමණක් සිදු නොකර ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වෙමින් සාධාරණ ලෙස කටයුතු කළයුතුව ඇති බව ද රාජා කොල්ලුරේ මහතා මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාුදේව නානයක්කාර මහතා පවසා සිටියේ වත්මන් යහපාලන ආණ්ඩුව කුමන්ත්‍රණකාරී ලෙස ජාතිවාදී සහ ආගම්වාදී වැඩපිළිවෙලක් දියත් කරමින් සිටින අතර පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට ලැබිය යුතු මුස්ලිම් ජන්ද අලුත්ගම සිදුවීම හරහා අහිමි කිරීමට කටයුතු කළේ බොදුබල සේනා සංවිධානය විසින් බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ යන මහත්වරුන් ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට