සිය දිවි නසා ගැනීම ගැන ප්‍රචාර එපා, ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් මාධ්‍යයට ඉල්ලීමක්..
මානසික පීඩන තත්ත්වයන්ගෙන් යුත් පුද්ගලයින් හට තම දිවි නාසා ගැනිමට පෙළඹවිමක් ඇති කරන බැවින් සියදිවි නසා ගැනිම සම්බන්ධ සිදුවීම් මාධ්‍ය තුළ ප්‍රචලිත කිරිමෙන් වළකින්නැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මාධ්‍ය අායතන වලින් ඉල්ලීමක් කර සිටියි. මෑත කාලය තුළ දරුවන් සහ තරුණ කොටස් විවිධ ක්‍රම ඔස්සේ සිය දිවි නසා ගැනීම සමබන්ධ අවස්ථා රාශියක් වාර්තා වන අතර විවිධ ජනමාධ්‍ය සහ සමාජ ජාල හරහා ඒ සම්බන්ධයෙන් පුළුල් ලෙස ප්‍රචාරය වීම සුදුසු තත්ත්වයක් නොවන බැවින් මෙම ඉල්ලීම කරන බව ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.