සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය දෙපාර්තමේන්තුවේ ගැටළු විස‍‍දන්න අාණ්ඩුවට කිසිදු වුවමනාවක් නෑ – දුම්රිය වෘත්තීය සමිති සන්ධානය

දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින ගැටළු නිරාකරණය කිරීමට වත්මන් අාණ්ඩුවට කිසිදු වුවමනාවක් නොමැති අතර රාජ්‍ය අායතන රැසක් පුද්ගලීකරණය කිරීමේ දැවැන්ත උත්සාහයක අාණ්ඩුව යෙදී සිටින බවත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටියි. අද (20) මරදාන දුම්රිය වෘත්තීය සමිති සන්ධාන කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම්කරු එස්.පී විතානගේ මහතා විසිනි.

සිය අදහස් පළ කරමින් එස්.පී විතානගේ මහතා වැඩිදුරටත් සදහන් කරන ලද්දේ දුම්රිය දෙපාර්තමේන්තුවේ කටයුතු පුද්ගලික සමාගම් වලට පැවරීමට අාණ්ඩුව කටයුතු කරමින් සිටින අතර දෙපාර්තමේන්තුව සතුව තිබෙන දැවැන්තම ගැටළුව දුම්රිය කෞතුකාගාරයක් ඉදි කිරීම නොව මගී ජනතාවට ඉහළ සේවාවක් සැපයීම බවයි.

රට තුළ යහපාලනය අැති කරමින් ජනතාවට ඉහළ සුභසාධනයක් ලබා දෙන බවට පොරොන්දු ලබා දෙමින් බලයට පැමිණි වත්මන් යහපාලන අාණ්ඩුව අදාළ පොරොන්දු කිසිවක් ඉටු නොකරන තත්ත්වයක් උද්ගතව අැති අතර දුම්රිය සේවාවට අනිසි බලපෑම් සිදු කළ බැවින් පසුගිය අාණ්ඩු පාලනයන්ට බලයෙන් ඉවත්ව යාමට සිදුවූ බව වත්මන් අාණ්ඩුව තරයේම මතකයේ තබා ගතයුත්තක් බව අවධාරණය කර සිටින බව ද එස්.පී විතානගේ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම්කරු ඩී.එම්.ඩී අබේරත්න සහ සමස්ත ලංකා දුම්රිය පොදු සේවක සංගමයේ සභාපති අයි.ඒ.ඩී පෙරේරා යන මහත්වරුන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට