සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදුනු “සයිටම්” විරෝධී සිසුන් විසුරුවන්න පොලිසියෙන් ජල, බැටන් ප්‍රහාර, සිසුන් 100 ක් පොලිසියේ 10 ක් රෝහලේ..
මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෙෙද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඒ්කාබද්ධව ඊයේ (21) සවස පවත්වන ලද විරෝධතාවය අතරතුරදී සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැඟිල්ලට කඩා වැදුනු විශ්වවිද්‍යාල සිසුන් විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස්, ජල ප්‍රහාර සහ බැටන් ප්‍රහාර එල්ල කරන ලදී. මෙම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් දස දෙනකු සහ විශ්වවිද්‍යාල සිසුන් 50 දෙනකු පමණ තුවාල ලබා ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට අැතුළත් කළ බව වාර්තා වේ.