සත්‍යයේ පුවත් අඩහැරය….

අාණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකලාපය රට අරාජික කර අවසන් – සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන, කෘෂිකර්ම, පර්යේෂණ සහකාර නිලධාරින්ගේ සංගමය

වත්මන් යහපාලන අාණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකලාපය හමුවේ මේ වන විට රටේ සියළු අංශයන්හි දැඩි ගැටළුකාරී තත්ත්වයක් මතුව අැති අතර රටපුරා විවිධ විරෝධතා, උද්ඝෝෂණ අාදිය පැවැත්වෙන බවත් සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන, කෘෂිකර්ම, පර්යේෂණ සහකාර නිලධාරින්ගේ සංගමය චෝදනා කර සිටියි. ඊයේ (21) බත්තරමුල්ලේ පිහිටි සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන, කෘෂිකර්ම, පර්යේෂණ සහකාර නිලධාරින්ගේ සංගම් කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවක දී මෙම අදහස් පළ කරන ලද්දේ එම සංගමයේ ප්‍රධාන ලේකම් එස්.ඒ.ඩී ජගත් කුමාර මහතා විසිනි.

සිය අදහස් පළ කළ ජගත් කුමාර මහතා වැඩිදුරටත් පවසා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ සමෘද්ධි නිලධාරීන් සදහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වා දීමට කටයුතු කරන ලද නමුත් විශ්‍රාම වැටුප ලබා දීම මෙන්ම සමෘද්ධි නිලධාරීන් මුහුණ දී අැති අනෙකුත් ගැටළු පවා විසදන බවට පොරොන්දු ලබා දෙමින් බලයට පැමිණි වත්මන් අාණ්ඩුව එම පෙරාෙන්දු කිසිවක් මේ වන විටත් ඉටු කර නොමැති බවයි. පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම නිසා පළාත් පාලන අායතන සියල්ලම අක්රමණය වීම නිසා ඩෙංගු උවදුර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අතර සාලාව අවිගබඩාව පුපුරා යෑම සහ පැවති ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට නිසි ලෙස සහන සැලසීමට මේ වන තෙක් අාණ්ඩුවට හැකියාවක් ලැබී නොමැති බව ද ජගත් කුමාර මහතා සිය අදහස් දක්වමින් වැඩිදුරටත් අවධාරණය කර සිටින ලදී.

සමෘද්ධි නිලධාරීන් මුහුණ දී සිටින වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් නිසි විසදුම් ලබා දීමට බලධාරීන් කටයුතු නොකළහොත් ලබන අගෝස්තු සහ සැප්තැම්බර් යන මාසයන්හිදී දිවයින පුරා දැඩි විරෝධතා ක්‍රියාමාර්ගයන් දියත් කරන බව ද ජගත් කුමාර මහතා මෙහිදී අවධාරණය කර සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන, කෘෂිකර්ම, පර්යේෂණ සහකාර නිලධාරින්ගේ සංගමයේ සභාපති කිත්සිරි ගමගේ සහ භාණ්ඩාගාරික එම්.එම් අන්වර් යන මහත්වරුන් ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට